2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත් විය.
ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය මෙරට වේලාවෙන් අද (01) උදෑසන තරගය අවසන් විය.
මෙහිදී රුමේෂ් සිය දෙවන උත්සාහයේදී මීටර් 89.75ක දුරක් විසිකරමින් මෙම සුවිශේෂී රන් පදක්කම මව්බිමට දිනාදුන්නේය.
මෙය පොදුරාජ්‍ය මණ්ඩලයී ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව දිනූ 6වැනි රන් පදක්කම වන අතර, 2006 වසරේ දී බර ඉසීලීමේ ක්‍රීඩක චින්තන විදානගේ දිනූ රන් පදක්කමෙන් වසර 20කට පසු දිනූ එකම රන් පදක්කමද විය.
මෙහිදී රුමේෂ්ට යම් තරමක හෝ අභියෝගයක් විය හැකියැයි අනුමාන කර තිබූ 2021 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනූ නීරාජ් චොප්රාට රිදී පදක්කමෙන් සෑහීමට සිදුවිය.
ඔහු මීටර 85.83ක දුරක් විසිකර එම පදක්කම දිනාගත් අතර, ඉන්දියාවෙකුම වන යෂ් වීර් සිං ලෝකඩ පදක්කම දිනාගත්තේය. ඔහු මීටර 85.41ක දක්ෂතාවක් දැක්වීය.
රුමේදි දිනූ රන් පදක්කමත් සමග මෙවර ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනූ පදක්කම් සංඛ්‍යාව 2ක් දක්වා ඉහළ ගියේය.
පසුගිය බ්‍රහස්පතින්දා පැවති පැරා කවපෙත්ත විසිකිරීම (F42-44/F61-64) ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට පාලිත බණ්ඩාර සමත් විය.
