වීරකැටිය, පුහුල්හේන ප්‍රදේශයේ ඉඩමක් තුළ සැකකටයුතු ලෙස කාන්තාවක් මියගොස් සිටින බවට ලද පණිවිඩයක් මත වීරකැටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
වීරකැටිය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Tags:
Trending
