PUCSL නිර්දේශ ක්‍රියාත්මක කරන බව බලශක්ති ඇමති කියයි.

වසර 3ක් තුළ 30%කින් විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිපත්තියේ එක් පියවරක් ලෙස මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

අද දෙරණ සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි විදුලි බිල 20%කින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කර තිබුණි.

ඒ අනුව අදාළ නිර්දේශ මහජන උපයෝගීතා කොමිසම විසින් බලශක්ති අමාත්‍යාංශයට ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන් ය.

මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනය









 

Post a Comment

Previous Post Next Post