“Clean Sri Lanka” ජාතික වැඩසටහන ඇරඹේ. (January 1, 2025)

 



“Clean Sri Lanka” ජාතික වැඩසටහන ඇරඹේ. 

(January 1, 2025)

 2025 ජනවාරි 01 වන දින  

  සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.


අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින්

චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත ඒ පිළිබදව දැනුම් දී ඇති බව වාර්තා වේ.


"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහන සමග නව වසරේ රාජකාරී කටයුතු ඇරඹිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.


ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීම රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය

ඒකාබද්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නිල වශයෙන් ආරම්භ විය.


ඒ අනුව රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන්

ජනාධිපති කාර්යාලයේ පැවැත්වුණු මීට සමගාමීව

සිය සේවා ස්ථානවල රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදුකළ යුතු බව

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දෙයි.


ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීමේ ජාතික උත්සවය

සියලු රජයේ සහ පෞද්ගලික විද්‍යුත් නාළිකා මඟින් විකාශනය කිරීමට

කටයුතු සලසා ඇති අතර සියලු රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයට එය නැරඹීමේ පහසුකම සලසා දෙන ලෙස ද දැනුම් දී තිබේ.


ඒ අනුව සියලු රාජ්‍ය සේවකයින්

ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිඥාව කියවීම සඳහා සජීවීව සම්බන්ධ විය යුතු බව

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සිය චක්‍රලේඛය මඟින් වැඩිදුරටත් දැනුම් දී ඇත.






(Abha Media Network)


#abhatv #Abhatv #AbhaTV #ABHAtv #ABHATV #news #NEWS

#අභාටීවී #අභාටෙලිවිෂන් #Srilankan #Srilanka #lka #Lanka #Ceylon

#DGI #Government #Information #Department #News #infodprtsl



Post a Comment

Previous Post Next Post