2025 වසරේ අගමැතිනියගේ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩය.







අලුත් අවුරුදු පණිවුඩය

ශ්‍රී ලාංකික අපට පසුගිය 2024 වසර සැබවින්ම පරිවර්තනීය වසරක් විය. භේදයකින් තොරව එකට එක්ව සංවේදී, පිරිසිදු හා ජනතාව කේන්ද්‍ර කරගත් දේශපාලන සංස්කෘතික  වෙනසක් මෙරට ජනතාව තෝරාගෙන ඇත.


වගකිවයුතු රජයක් ලෙස අපි ආර්ථිකය, කර්මාන්ත, අධ්‍යාපන ඇතුළු විවිධ තීරණාත්මක ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටිමු. සෑම පුරවැසියෙකුටම ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව සාමකාමී, නිදහස්, ගෞරවනීය සහ තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි අනාගතයක් නිර්මාණය කිරීම අපගේ දැක්මයි.


පසුගිය කාලය තුළ ජාතියක් ලෙස එක්සත් වීමට අපට අවස්ථා කිහිපයක් ලැබුණ  නමුත් එම අවස්ථාවන්හි නිසි ඵල ලබා  ගැනීමට අප අසමත් විය. කෙසේ වෙතත්, මෙම ලැබුණු  අවස්ථාව මග නොහැර ,  රැක ගැනීමට සාමූහිකව  කටයුතු කළ යුතුය. මේ තීරණාත්මක මොහොතේ රජය මහජනතාවට සේවය කිරීමට පූර්ණ වශයෙන් කැපවී සිටී. අධිෂ්ඨානශීලීව එකාවන්ව එළඹෙන 2025 වසරට ගමන් කරමු යැයි මම ඔබට ඇරයුම් කරන්නෙමි.


දීප්තිමත් අනාගතයක් කරා යන ගමන අභියෝගාත්මක වන අතරම, එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අපි දැනටමත් සැලකිය යුතු පියවර රැසක් ගෙන ඇත්තෙමු.  2025 වසර සාමකාමී, ප්‍රීතිමත් සහ සමෘද්ධිමත් වේවායි සියලු පුරවැසියන් වෙත මගේ සුබ පැතුම් පිරිනමමි.


නව වසර සාර්ථක කර ගැනීමටත්, අප රටට යහපත් අනාගතයක් උදාකිරීමටත්  අප හා එක්වන ලෙස සියලුදෙනාටම නව වසර ආරම්භ කරන මේ මොහොතේ මම  ආරාධනා කරමි. ලෝකය තුළ අභිමානවත් සහ සමෘද්ධිමත් ජාතියක් ලෙස "ශ්‍රී ලංකාව" යන නාමය බැබළවීමට අප සැම එක්ව කටයුතු කරමු. 


හරිනි අමරසූරිය 

අග්‍රාමාත්‍ය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය



New Year Message

This year has been a truly transformative year for us Sri Lankans. The citizens of this country have chosen change: a clean and people centered political culture and empathetic society, unity as opposed to division.


As a responsible government, we remain committed to uplifting the nation in various critical areas, including the economy, industry, and education. Our vision is to create a future where every citizen can live a peaceful, free, dignified and fulfilling life, transcending barriers of race, gender, ethnicity, or religion.


We have had several opportunities in the past to unite as a nation, but we failed to fully realize the benefits of those moments. However, we must now ensure that this opportunity is not missed and that we work collectively to preserve it. At this critical time, as the state is fully committed to serve the public, I urge everyone to step forward with determination as we enter the year 2025.  


While the journey towards a brighter future is challenging, we have already taken significant steps towards achieving that goal. As we approach the threshold of a new year filled with hope and promise, I extend my sincere best wishes to all citizens for a peaceful, happy, and prosperous 2025.

I invite everyone to come together with a shared purpose, setting aside all differences, as we embark on this new year to ensure its success and work towards building a better future for the Sri Lanka. Our collective focus should be to restore the name of “Sri Lanka” as a proud and prosperous nation on the global stage.


Harini Amarasuriya

Prime Minister

Democratic Socialist Republic of Sri Lanka









 



Post a Comment

Previous Post Next Post