තණකොළ කපන මැෂිමේ දැත්ත වැදී පුද්ගලයෙක් මරුට

තණකොළ කපන මැෂිමේ දැත්ත වැදී පුද්ගලයෙක් මරුට


තණකොළ කැපීමට භාවිතා කරන මැෂිමක යකඩ දැත්තක් කැඩී ගොස් පුද්ගලයෙකුගේ හිසෙහි වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (07) සවස් කාලයේදී එම අනතුර සිදුව තිබුණේ ඇඹිලිපිටිය පොලිස් වසමේ ගඟේයාය ප්‍රදේශයේදීය.
එලෙස මියගොස් ඇත්තේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

ට්‍රැක්ටර් රථයක් උපයෝගී කරගෙන ක්‍රීඩාපිටියක තණකොළ කපමින් සිටියදී තණකොළ මැෂිමේ තිබූ යකඩ දැත්තක් කැඩී ගොස් ක්‍රීඩා පිටියෙහි සිටි පුද්ගලයාගේ හිසෙහි වැදී තුවාල ලබා තිබුණි.
එම පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




 

Post a Comment

Previous Post Next Post