සුනඛයෙකු නිසා සිදු වූ අනතුරකින් කුඩා දරුවෙක් ජීවිතයෙන් සමු ගනී.

 සුනඛයෙකු නිසා සිදු වූ අනතුරකින් කුඩා දරුවෙක් ට දිවි අහිමි වෙයි.


රාජාංගනය, අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ දී පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයේ පෙරළී ගොස් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ සිටි කුඩා දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (05) රාත්‍රියේ ත්‍රිරෝද රථය මෙලෙස පෙරළී ඇත්තේ මාර්ගය හරහා ගිය සුනඛයකුගේ ගැටීම වැළැක්වීමට යාමේදී බවය.

ත්‍රිරෝද රථයේ රියදුරු හා පිටුපස අසුනේ ගමන් කළ දරුවා අනතුරෙන් තුවාල ලබා නොච්චියාගම රෝහල වෙත ඇතුළත් කිරීමේදී දරුවා මියගොස් ඇත. 

රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 12ක් වයසැති වැලිහේන, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි. 

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රාජාංගනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment

Previous Post Next Post