දුම්රිය ගමන්වාර කිහිපයක් අදත් අවලංගු වෙයි

දුම්රිය ගමන්වාර කිහිපයක් අද (19) දිනයේදීත් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කෙටි දුර ධාවන ගමන්වාර 15ක් අද දිනයේදී අවලංගු කර තිබේ.

දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගය අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ හේතුවෙන් පසුගිය දින දෙකේදීද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවිය.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය ගමන්වාර අවලංගුවීම අද සවස 3න් පසු යථා තත්ත්වයට පත් කිරීමට හැකි බවය.




 

Post a Comment

Previous Post Next Post