ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.
කලක සිට අසනීප තත්ත්වයෙන් රෝහල ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යනවිට 76 වියේ පසුවිය.
1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.
අසූව දශකය අගභාගයේ බිහි වූ රාවය පුවත්පතේ සමාරම්භක කතෘවරයා වු වික්ටර් අයිවන් මහතා ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු ද වේ.
මෙරට දේශපාලනික කෘතින් ගණනාවකම කතෘවරයා ද වන ඔහු, දේශකයෙකු ලෙස සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශාල මතවාදී මැදිහත්වීමක් සිදුකළ අයෙක්ය.
ඔහු විසින් රචිත දේශපාලනික කෘතින් අතර 71 කැරැල්ල, නොනිමි අරගලය, චෞර රැජින සහ දේශපාලනයේ පවුල හා කුලය යන ග්‍රන්ථ පාඨකයා අතර වඩාත් ප්‍රචලිත විය.
Tags:
Trending