බස් වර්ජනය පිළිබඳ අවසන් තීරණය අද

 බස් වර්ජනය ගැන අවසන් තීරණය අද

පොලීසිය මඟින් ආරම්භ කර ඇති  බස්රථ පරීක්ෂාවට විරෝධය පළ කරමින් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බස් රථ වර්ජනය සම්බන්ධයෙන් අද (08) අවසන් තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා සමඟ අද පෙරුවරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවය.

කෙසේවෙතත් අද දින දහවල් 12 පමණ වන විට සිය තීන්දුව ලබාදීමට කටයුතු කරන බව ද ගැමුණු විජේරත්න මහතා පැවසීය.







Post a Comment

Previous Post Next Post