බස් - පොලිස් සාකච්ඡා සාර්ථකයි - වර්ජනයක් නැහැ

 බස් - පොලිස් සාකච්ඡා සාර්ථකයි - වර්ජනයක් නැහැ

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් පවසයි.

ඒ අනුව, බස් සංගම් සැලසුම් කළ දීපව්‍යාප්ත වර්ජනය සිදු නොකිරීමට තීරණය කර තිබේ.

පොලීසිය බස් රථවලට සිය සීමාව ඉක්මවා අනවශ්‍ය බලපෑම් සිදුකරන බව පවසමින් ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනය දියත් කිරීමට බස් සංගම් ඊයේ එකඟතාවකට එළැඹ තිබුණි.

එවන් පසුබිමක් තුළ ඊට පෙර බස් සංගම් නියෝජිතයන් අද පෙරවරුවේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සමග පොලිස් මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී තීරණය කර ඇත්තේ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවීමට ය.




Post a Comment

Previous Post Next Post