වත්තේගම ඝාතන සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට

 වත්තේගම ඝාතන සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට


මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් තිදෙනෙකුව ඊයේ (08) වත්තේගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තේගම, අටලහගොඩ ප්‍රදේශයේදී පසුගිය 04 වනදා තියුණු ආයුධ වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25, 35 හා 37 යන වයස්වල පසුවන කරන්දෙණිය, කෑගල්ල හා හෙට්ටිමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

වත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






Post a Comment

Previous Post Next Post