කසළ ට්‍රැක්ටරයෙන් ඇදවැටී සේවකයා මරුට

 


ට්‍රැක්ටර් රථයක ටේලරයේ ගමන් ගත් පුද්ගලයෙකු ඉන් ඇද වැටී අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

අනුරාධපුර පොලීසිය සඳහන් කළේ ඊයේ (09) රාත්‍රී කාලයේදී අනුරාධපුර පොලිස් වසමේ බුද්ධගයා මාවත සිට විජයපුර කනත්ත දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක මෙම අනතුර සිදුවී ඇති බවය. 

මරණකරු වයස අවුරුදු 44ක් වූ දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

මරණකරු නගර සභාවේ ට්‍රැක්ටර් රථයෙන් අපද්‍රව්‍ය පටවාගෙන යමින් සිටින අතරතුර මෙලෙස හදිසි අනතුරට ලක්වී ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment

Previous Post Next Post