හිටපු ඇමති විජයමුණි සොයිසා අධිකරණයට

නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කෙරුණි.

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ නීතිවිරෝධීව කොටස් එකලස් කර ව්‍යාජ එන්ජින් සහ චැසි අංක යෙදූ ලොරි රථයක් භාවිත කිරීමේ චෝදනාවකට අදාළවය. 

අත්අඩංගුවට ගැනුණු සැකකාර හිටපු අමාත්‍යවරයා අනතුරුව හපුතලේ පොලීසියට භාරදී තිබුණි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අද (20) පෙරවරුවේ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සුවදුක් විමසීමට උසාවියට පැමිණ තිබුණි.




 

Post a Comment

Previous Post Next Post