ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

 ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය‍.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ වටරප්පල පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 20ක් වයසැති අයෙකු බවද සඳහන්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



Post a Comment

Previous Post Next Post