තුර්කියේ හෝටලයක ගින්නෙන් 10 දෙනෙකු මරුට


 තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එහිදි තවත් පුද්ගලයින් 32දෙනෙකු  තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.

මහල් 11 කින් සමන්විත අදාළ හෝටලයේ සිව්වන මහලේ මෙම ගින්න හටගෙන  ඇත.

ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 30ක් යෙදවීමට කටයුතු කර ඇති අතර මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බවද වාර්තා වේ.



Post a Comment

Previous Post Next Post