අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනෙට්ටුවට | Proposal on Adani project to be tabled in Cabinet tomorrow

 

අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනෙට්ටුවට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ එළැඹෙන හෙට (06) රැස්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවය.

මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත සුළං විදුලි ව්‍යාපෘති මගින් ජනනය කරන විදුලි ඒකකයක් සඳහා පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් ඩොලර් ශත 8.26කට ආසන්න මුදලක්  ගෙවීමට එකඟවී තිබුණි.

අදාළ එකඟතාවය යළි සලකා බැලීම සඳහා මෙම කමිටුව පත්කරන බව වාර්තා වෙයි.


Proposal on Adani project to be tabled in Cabinet tomorrow

A proposal to appoint a committee to consider Adani's energy projects in the country is set to be submitted to the Cabinet.

A spokesperson for the Ministry of Energy stated that this proposal is set to be submitted to the Cabinet meeting scheduled to meet tomorrow (06).

This proposal is set to be submitted regarding the wind power projects proposed to be constructed in the Mannar and Punaring areas.

The previous government's Cabinet had agreed to pay approximately 8.26 US cents for each unit of electricity generated by the wind power projects proposed to be constructed in the Mannar and Punaring areas.

It is reported that this committee is set to be appointed to reconsider the relevant agreement.


Post a Comment

Previous Post Next Post