වැලිගම වෙඩි තැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් හෙළි වේ.
අද (04) අලුයම මාතර, වැලිගමදී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන යතුරුපැදියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
එම යතුරුපැදිය සොයාගෙන ඇත්තේ, වැලිගම මූනමල්පේ ප්‍රදේශයේ වැවක දමාගොස් තිබියදීය.
මාතර බන්ධනාගරයේ සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක් මතට බෝ අත්තක් කඩා වැටීමෙන් මියගිය සිරකරුවාගේ දේහය තැන්පත් කර ඇති තුර්කි ගම්මානයේ පිහිටි නිවසට පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊයේ (03) රාත්‍රියේ ගොස් තිබුණි.
අනතුරුව අද (04) අලුයම එකට පමණ එම පිරිස නැවත නිවෙස්වෙත පා ගමනින් පැමිණෙමින් සිටියදී වැලිගම, කප්පරතොට, වල්ලිවෙල මාර්ගයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
යතුරුපැදි තුනකින් පැමිණි නාඳුනන පිරිසක් රිවෝල්වරයකින් හා ටී 56 වර්ගයේ ගිනිඅවියකින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බව පොලීසිය සැකකරයි.
එහිදී පාගමනින් ගමන්කරමින් සිටි පස්දෙනාගෙන් දෙදෙනෙකුට තුවාල සිදුව ඇති අතර පසුව ඔවුන් දෙදෙනාව මාතර, වලාන රෝහලට ඇතුළත් කරනු ලැබීය.
රෝහල්ගත කිරීමේදී එක් අයෙක් මියගොස් ඇති බවත් අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලවෙත මාරුකර ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
මියගිය පුද්ගලයා 26 හැවිරිදි කප්පරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ආකාෂ් තාරුක නැමැත්තෙකි.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයා 29 හැවිරිදි සෙහාන් දුලාංජල නැමැත්තෙක් වන අතර එම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Many details of the Weligama shooting incident are revealed.
A 26-year-old male has reportedly been killed, and another individual sustained injuries in a shooting incident at Kapparathota in Weligama early this morning (4).
Five individuals walking on the Kapparathota-Walliwela road in the Weligama Police Division were targeted in a shooting early this morning (4), police reported.
An unidentified group arrived on three motorcycles at approximately 1 a.m., opened fire, and fled the scene.
Of the five, two were struck by the gunfire. Among those two, a 26-year-old resident of Kapparathota succumbed to his injuries, while the other, a 29-year-old also from the same area, sustained injuries.
The injured individual was initially treated at the Weligama Walana Hospital and later transferred to the Matara District General Hospital.
The motive behind the shooting remains unknown, and Weligama Police are carrying out further investigations into the incident.
Tags:
Hot News