DIG වෙසින් කප්පම් ගත් ඩිපෝ සේවකයා රිමාන්ඩ්
රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පෙනී සිටිමින් කප්පම් ලබා ගත් ඩිපෝ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු විසින් රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ඡායාරූපයක් යොදා ගනිමින් වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ කප්පම් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරු මීතොටමුල්ල ඩිපෝවේ කාර්යාල කාර්ය සහයෙකු බව සඳහන්ය.
අදාළ සැකකරු ඊයේ (05) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Tags:
Hot News