රාගම ග්‍රාම සේවා වසම් 03කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට


 රාගම ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඊයේ (01) මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රාගම ග්‍රාම සේවා වසම් තුනක් සඳහා පොලීසිය පොලිස් ඇඳිරිනීතිය පැනවීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව 246/කැන්දලියද්ද පාළුව - බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව - උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා මෙලෙස ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය පියවර ගෙන තිබූණි.

පොලීසිය පැවසුවේ තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බැවින් එම ග්‍රාම සේවා වසම් 03 සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මේ මොහොතේ සිට ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවය.

Post a Comment

Previous Post Next Post